දේශපාලනයට වෛර කිරීම…

රටක වාසය කරන වගකීමක් දැරිය හැකි ඕනෑම පුද්ගලයෙකුට තම රට යා යුතු මග, එය පාලනය විය යුතු ආකාරය, පාලනය කල යුතු පුද්ගලයන්,  රටේ අනාගතය ගැන නිවැරදි දැක්මක් සහ තමන්ට ම අවේනික  දේශපාලනික මතයක් තිබිය යුතුය. දේශපාලනය ගැන තැකීමක් නොකර කිසිදු පුත්ගලයකුට ජිවත් වීමට අසීරු වන්නේ  රටේ සිදු වන දේශපාලනික වෙනස් වීම් සෘජුවම රටේ ජන ජීවිතය ට බලපාන බැවිනි. එනම්  ඔබේ රැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්න මෙකි නොකී සියලු දේට දේශපාලන නම් හස්තය දිගු වී ඇති බැවිනි. ඉතින් ශ්‍රී ලංකාවේ මෙගා ටෙලිනාට්‍ය , විවිධ අයුරින් පුම්බන ලද  ස්ටාර්ස් ල ට අමතරව වැඩි පුරම කතා බහ කෙරෙන දෙයක් ඇත්නම් ඒ දේශපාලනය යි. Continue reading

රට යන අත

දැන් දැන් ලංකාවේ සිදු වන දේ දෙස බැලූ විට රටේ අනාගතය පිලිබඳ ඇති වන්නේ මහත් අවිනිශ්චිත භාවයකි. රට හමුවේ තිබු විශාලතම ප්‍රශ්නය විසදීමත් සමගම තවත් ප්‍රශ්න රැසක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ආණ්ඩුවේ ඇතැමුන්ගේ ක්‍රියා රට අවුල් ජාලයක් කරන  අතර  සමස්ත විපක්ෂයම රටට ශාපයක් වී ඇත. මේ පිලිබඳ කතා කිරීමෙන් කිසිදු පලක් නැති බව දනිමි. නමුත් රටේ සිදු වන දේ දෙස බලමින් ඇස කන පියාගෙන සිටීම නිවට කමක් සේ හැගෙන බැවින් මේ අයුරින් වත් මේ පිලිබඳ හඬක් නැගීමට සිතු වෙමි. Continue reading

මේ ලිපිය බ්ලොග් ලියන ඔබ ගැනයි.

ශ්‍රී ලාංකිකයන් අතර අන්තර්ජාලය හරි හැටි ජනප්‍රිය වුයේ පසුගිය අවුරුදු කිහිපය තුලයි. නමුත් එය ඉතාමත් ම වේගයෙන් සිදු වී අති බව මීට අවුරුදු හතරකට පෙර තත්වයත් දැන් තත්වයත් සංසන්දනය කරන විට පෙනී යයි. දුරකථන සමාගම් අන්තර්ජාල පහසුකම් වඩාත් පුළුල් කිරීමත් තරඟකාරී ලෙස අන්තර්ජාල ගාස්තු අඩු කිරීමත් මෙයට බල පෑ කරුණු අතර වඩාත්ම බලපෑ කරුණු හැටියට දැක්වීමට පුළුවන්. සෑම නිවසකම රුපවාහිනියක් ඇත්තා  සේ පරිගණකයත් අන්තර්ජාලයත්  සාමාන්‍ය දේ බවට පත්වෙමින් පවතී. Continue reading

ජැක්සන් ගේ තොප්පිය, ජොබ්ස් ගේ iphone එක සහ තොටවත්ත යන්ගේ හඳයා..

පසු ගියදා apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් අවසන් ගමන් ගියේය. ඔහු මිය යන විට ලොවට apple නාමය යටතේ නිපැයුම් රැසක් ලොවට දායාද වී තිබිණි. ඔහුගේ මරණය පිලිබඳ ලොව පුරා ජනතාව ශෝක වූ බව පෙනෙන්නට තිබුණි. Facebook මගින් ලොව දසත ජනයා තම ශෝකය පළකර තිබූ අයුරු දක්නට ලැබුණි. එසේ ශෝකය ප්‍රකාශ කළවුන් අතර ශ්‍රී ලාංකිකයෝද එක් වී සිටියෝය. දහස් ගණනින් ශ්‍රී ලාංකික apple ලෝලීහු තම ශෝක ප්‍රකාශ පල කළා පමණක් නොව තම Facebook ගොනුව ඔහුගේ රුවින් සැරසූහ. Continue reading

උන් බූරුවන් සේ නිදහස බුක්ති විදින කල්හි අපි ඌරන් සේ නිදහස බුක්ති විදිමු…

ගෝලීයකරණය, ප්‍රජාතන්ත්‍රවාදය, ජනවාර්ගික අර්බුද යන ජනප්‍රිය යෙදුම් ගොන්නට එක් වී ඇති නවතම යෙදුම “නිදහසයි”. මාධ්‍ය වේදීහු තමන්ට ජනමාධ්‍ය නිදහසක් නැති බව කියනා අතරේ දේශපාලනඥයෝ තමන්ට දේශපාලන නිදහසක් නැති බව කියති. මේ අතරේ රටේ මහජනතාව ඇතැම් මාධ්‍ය නාලිකාවන්ට නැතැයි කියන මාධ්‍ය නිදහස, මෙලෝ චාරයක්‌ නොමැතිව, සිරුරේ තුනෙන් දෙකක් නිරුවත් කරගෙන වේදිකාවේ රඟ දෙන තරුණියන් තුලින්ද, දේශපාලනඥයන් ට නැතැයි කියන නිදහස,  නිදහසේ එකිනෙකාට වෙඩි තබා ගන්න දේශපාලුවන් තුලින්ද දකිමින් ජිවත් වෙති. ජන මාධ්‍ය සහ දේශපාලනය මෙහිදී උදාහරණ කර ගත්තේ ඒවා තරම් ශ්‍රී ලාංකිකයන්ට හුරුපුරුදු තවත් දේවල් නොමැති බැවිනි. Continue reading